අධික උෂ්ණත්වය නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කකයේ විශාලම වාරි පද්ධතිය ලෙස සැලකෙන කන්තලේ වැවේ දිනකට අක්කර අඩි 20 ත් 25ත් අතර ජල ධාරිතාවයක් වාෂ්ප වන බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි.
මෙම ජල ප්‍රමාණය ලිටර් වලින් ගණනය කලහොත් දිනකට ජලය ලිටර් ලක්ෂ 300 ක් වන බව කන්තලේ වාරි ඉංජිනේරු එස්.ඒ.චින්තක එස්.සුරවීර මහතා පැවැසීය.මෙය කන්තලේ වැවට පමණක් බලපා ඇති තත්වයක් නොවන බවත් අධික උෂ්ණත්ව බලපා ඇති ප්‍රදේශවල වැව් වලට බලපා ඇති ස්වභාවික තත්වයක් බවත් වාරි ඉංජිනේරුවරයා පෙන්වා දුන්නේය .
මේ දිනවල වගා කටයුතු සිදු නොවන නිසා කන්තලේ වැවෙන් ජලය ප්‍රයෝජනයට ගන්නේ පානීය අවශ්‍යතා සදහා පමණි.අක්කර අඩි 114000 ක උපරිම ජල ධාරිතාවයක් ඇති කන්තලේ වැවේ මේ වන වට ඇත්තේ අක්කර අඩි 108055 ක ජල ධාරිතාවයක් පමණක් බව වාරි ඉංජිනේරුවරයා තව දුරටත් පෙන්වා දුන්නේය
ත්‍රිකුණාමලය චමෝද්‍යා